මේ පොතේ තියන කතා විසි පහේ ඉන්නේ ලක්ෂ සංඛ්‍යාත මිනිස්සු අතරින් “අති දුර්ලභ මුතු වගේ” ගැහැනුන්,මිනිසූන් පිරිසක්.
ඒ ඒ අය, යම් යම් කාලවලදී, නොයෙක් නොයෙක් අවස්ථාවන්වලදී දුන් ධනාත්මක සහ සුබවාදී යහපත් සිතුවිලි ධාරාවන් (Good vibes) මේ පොත හරහා නැවතත් ඔවුන්ට සම්ප්‍රේෂණය කරමින්, මේ පොත කියවන අයටත් යම් ප්‍රමාණයකින් හරි ඒ යහපත් සිතුවිලි ධාරාවන් (Good vibes) ආකර්ෂණය කරගැනීමට ඉඩ සැලස්වීමත් තමයි මේ පොතේ අරමුණ. ඒ තුළින් අපි කාටත් මිනිස්සු අතර “(අ)මුතු මිනිසුන්” වෙන්නට යම් උත්තේජනයක් ඇති කරවන අතරේ ඒ තුළින් අපේ ලෝකය මීට වඩා යහපත් තැනක් කරන්නට ගන්න පුංචි උත්සාහයක් තමයි මේ “(අ)මුතු මිනිස්සු”





